Colombo Today Local News

“ගම්මන්පිල හිරකරේ චම්පිකගෙ උවමනාවට.. චම්පික ඉන්නේ වෛරයෙන්” වාසු

vasu

උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගත්තේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ වුවමනාව මත බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරයි.

ඔහු මේ බව සදහන් කළේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා බැලීමට ඊයේ (20) වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය.

ආණ්ඩුවේ ඉන්න චම්පික රණවක ඇමතිවරයා ගම්මන්පිල මහතා ගැන වෛරයෙන් පසුවන කෙනෙකු බවත් 1997 අතහැරී තිබූ දෙයක් ආපසු අරගෙන ඇවිත් මේ ආකාරයට ක්‍රියාත්මක කළේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ වුවමනාවට බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඔහු සෘජුවම සම්බන්ධ බව තමාට ලැබුණු තොරතුරු අනුව ප්‍ර‍කාශ කළ හැකි බවද වාසුදේව නානායක්කාර මහතා පැවසී ය.

Related posts

කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

Admin

යාපනය සරසවියේ කොටි ස්මාරකය වෙනුවට සාමකුලුනක් ඉදිකිරීමට මුල්ගල තබයි.

colombotoday

විදුලි කප්පාදුව පැය 03කට දීර්ඝ වෙයි

colombotoday

“මාව මරන්න ආපු කොටි ත්‍රස්තවාදීයාටත් සමාව දී නිදහස් කරන්න” – ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

colombotoday