Colombo Today Local News

ඇමති සැප වාහන නැවැත්වීමේ අගමැතිගේ කතාව බොරු.. කෝටි 118 මේවනවිටත් මුදාහැරලා !

agamati22

මෙම වසරට අනුමත කර තිබෙන මුදල් ප්‍රතිපාදන ඉක්මවා රුපියල් කෝටි 118ක පරිපූරක ඇස්තමේන්තුවක් මගින් ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ලබා ගැනීම සඳහා ආණ්ඩුව ගෙන තිබෙන තීරණය අත් හිටුවීමට මහාභාණ්ඩාගාරයට උපදෙස් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 07වනදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ජනතාව නොමග යවන්නක් බව අනාවරණය වේ.

මෙම පරිපූරක ඇස්තමේන්තුවට සම්බන්ධ කැබිනට් මණ්ඩල පත්‍රිකාවට පසුගිය අප්‍රේල් 17වෙනි දින අනුමැතිය ලබා දී එය මහාභාණ්ඩාරගායට යොමු කර ඇත. ඒ අනුව මහා භාණ්ඩාගාරයෙන් මේ වනවිටත් අදාල මුදල් එම සුඛෝපභෝගී වාහන ලබා ගැනීමට නිදහස් කර ඇති බව හෙළි වේ.

ඇමතිවරුන්ට මෙම වාහන ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය පරිපූරක ඇස්තමේන්තු සඳහා යුතු නොවේ. පාර්ලිමේන්තුවට දැනුම්දීම පමණක් සිදු කරයි. මෙයින් වැඩිදුරටත් තහවුරු වන්නේ අග්‍රාමාත්‍යවරයා ජනතාව නොමගයැවීමේ ප්‍රකාශයක් කර තිබෙන බවය.

Related posts

IOC ඉන්ධන මිලත් පහළට

colombotoday

පටි තදකර ගන්න වෙයි.. බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කරයි!

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday

මහින්දට එරෙහි විශ්වාසභංගය හැන්සාඩ් එකේ නැහැ…

colombotoday

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව කේෂ්ත්‍ර නිලධාරීන්ට එන්නත් ලබා දීමේ සැලැස්මක්

colombotoday

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday