Colombo Today Local News

ඇමති සජිත්ගේ පොරොන්දු කුණු කුඩේට – නිවාස සංවර්ධන අධිකාරිය වැලිඔය සිංහලයන්ට කෙලී

walioya
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ කැබිනට් පත්‍රිකාවකට අනුව මුලතිව් වැලිඔය ප්‍රදේශයේ සිංහල ජනතාව සදහා නව නිවාස 500ක් සහ තවත් නිවාස 500ක් අලුත්වැඩියා කරීම සදහා රුපියල් කොටි 35 ක් වෙන් කර ඇත. නිවාස සංවර්ධන අධිකාරිය යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර එහිදී වංචා සහ අසාධාරනකම් රාශියක් සිදුවන බවට colombotoday.com වෙත වාර්තා වෙනවා.

පසුගිය අප්‍ර්ල් මස 11 වනදා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් නව රජයේ පළමු ගම් උදාව වැලිඔය ප්‍රදේශයේ ආරම්භ කරන ලද අතර එහිදී නියෝග කර ඇත්තේ සියළු රණවිරුවන්ට සහ සිවිල් ආරක්ෂකයින්ට නව නිවාස ලබා දෙන ලෙසයි. නමුත් ඊයේ දිනයේදී නිවාස අමාත්‍යංශයට පැමිණි වැලිඔය ජනතාවට හිස්අතින් ආපසු යාමට සිදුවුයේ අමාත්‍යවරයා දහස් ගණනක් ජනතාව ඉදිරියේ කරන ලද ප්‍රකාශය බොරුවක් සහ හුදු දේශපාලන ප්‍රකාශයක් බවට පත් කරමින්ය.

නිවාස ලැබිය යුත්තන් තෝරා ගැනීමේදී මහවැලියේ නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට මුල්තැන ලබාදී තිබේ. ඇහැට කනට පේන කාන්තාවන්ට, වන්දබුවන්ට සහ වෙනත් සබදතා ඇති කාන්තාවන්ට නිවාස ලබාදීමට ග්‍රාම නිලධාරිගේ සිට ඉහල නිලධාරීන් දක්වා කටයුතු කර ඇත. නිවාස ලබාදීම සදහා බොහෝ කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවටද වාර්තා පළවේ. මෙම නිවාස ව්‍යාපෘතිය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේටෙන්ඩර් නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව හිතවතුට පමණක් ලබා දී ඇත.

Related posts

PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසට ආ කොල්ලරුවෝ..

colombotoday

රනිල්ගේ තවත් උත්සවයකට මැතිවරණ කොමිසමෙන් පනී

Admin

“නව ව්‍යවස්ථාව සැකසීම අවසන් අදියරේ.. කෙටුම්පත අගෝස්තු අවසානයේදී” – මනෝ ගනේෂන්

colombotoday

පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මරණයට පත්වීම වැළැක්වීමට මාර්ගෝපදේශ මාලාවක්

Admin

රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අධිකරණයට කැදවයි

colombotoday

කැබිනට් අමාත්‍යාංශ නව ලේකම්වරුන් ජනපති ලේකම් හමුවෙයි

Admin