Colombo Today Local News

සම්බුදු හිමිට අපහාස කෙරු තවුහිඩ් ජමාඩ් නීතිපති හමුවට

Thowheed-Jamath-www.gossipsinhalanews

බුදුරජාණන් වහන්සේ මිනී මස් වැලදුවායැයි සහ තෙරුවන් යනු මැනික්ගල් තුනක්යැයි පවසමින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සිත් තැවුලට පත්කළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අන්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකට තවුහිඩ් ජමාඩ් නමැති මුස්ලිම් සංවිධානයට විරුද්ධව කොළඹ අලුත්කඩේ උසාවියේ ගොනු කරනලද නඩුව පසුගිය 5 වනදා යලිත් කැදවනු ලැබිය.

පසුගිය නඩුවාරයේදී අධිකරණය සිදුකල විමසීමකට අනුව බෞද්ධ නායක හිමිවරු විසින් අබ්දුල් රාසික් නමැති අන්තවාදී තවුහිඩ් ජමාඩ් නායකයා සිතාමතා බුදු දහමට අපහාස කර ඇති බවට කරුණු දක්වන ලදී. එහිදී මීට පෙර අබ්දුල් රාසික් විසින් ColomboToday.com වෙත සිදුකල ප්‍රකාශද ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව සියලු තොරතුරු නීතිපති උපදෙස් පතා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කල මහේස්ත්‍රාත්වරයා ජුනි 30 වනදා දක්වා නඩුව කල් තබනු ලැබීය.

Related posts

ගන්දර පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකුට වෙඩි වදී

colombotoday

අගමැති ඉන්දියා යයි.. මුකම්බිකා කෝවිලේ මහා දුර්ගා පූජාවක් !

colombotoday

රන්ටැඹේ රක්ෂිත වානාන්තරයේ මහා දැව ජවාරමක්

colombotoday

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

කෝටි තුනක මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin