Colombo Today Local News

පෙරටුගාමීන් – ජවිපෙ පොළොන්නරුවේදී ගුටි ඇණගනී, තුනක් රෝහලේ

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ සාමාජිකයින් පිරිසක් අතර පොළොන්නරුව ප්‍රදේශයේදී ඇති වූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අද අළුයම පොළොන්නරුව බස් නැවතුම්පොළ අසලදී මෙම ගැටුම හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ගැටුමෙන් තුවාල ලැබූ පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

මැයි දිනයට අදාළව පෝස්ටර් සහ කටවුට් අලවමින් සිටි තම පක්ෂ ක්‍රියාකාරින් පිරිසකට යතුරුපැදිවලින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිව්දෙනෙකු විසින් පහරදුන් බවට පෙරටුගාමි සමාජවාදි පක්ෂය විසින් පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් සිද්ධියට අදාළව මෙතෙක් ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

Related posts

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

Admin

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

colombotoday

ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

colombotoday

යතුරැ පැදියේ ගැටුණු ගැබිනි මවගේ කුසෙහි බිළිදා මියයයි. – යතුරැ පැදි කරැ රිමාන්ඩ්

colombotoday

උත්තර පත්‍ර පරීක්ෂක අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ග ගත ක්‍රමයට

colombotoday