හැව්ලොක් මහල් නිවාස සංකීර්ණයෙන් රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීම සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක 2025 මැයි 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඊයේ (23) සිකුරාදා ඔහු අත්අඩංගුවට ගැණුනේ කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක සිටියදීයි.
උක්ත ප්‍රශ්නගත රයිෆලය පිළිබඳ පරීක්ෂණ මැයි 22 වැනි බ්‍රහස්පතින්දා දින ත්‍රස්ත විමර්ශන අංශයට (TID) භාරදෙනු ලැබුණා.
මේ අතර, උතුරු මැද පළාතේ හමුදා කඳවුරකින් සොරකම් කර ගත් T-56 ගිනිඅවි සොයාගැනීමේ විමර්ශනයේ කොටසක් ලෙස ප්‍රසිද්ධ නිළියකගේ නිවසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කොට සිටිනවා.
එම නිළියගේ පුත්‍රයා ගිනිඅවියක් මිලදී ගත් බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන් නමුත්, නිළියගේ මුළු නිවසම සියුම් පරීක්ෂාවට ලක් කළද ගිනිඅවි හමුවී නැති බවයි වාර්තා වන්නේ.
මෙම නිළිය දේශපාලනයට සම්බන්ධ අයෙකු වන අතර, ඇගේ සැමියාගේ ව්‍යාපාර වලට මීට පෙර ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ගෙන් විශේෂ වරප්‍රසාද ලැබුණු බවට චෝදනා ද නැඟී තිබුණා. මෙම චෝදනා යහපාලන රජයේ කාලයේදී පැන නැඟුණු ඒවා බවයි පැවසෙන්නේ.