Colombo Today Local NewsTop Stories

ආදම්ගේ පාලම යළි හදන්න මෝදිගෙන් යෝජනාවක්!

ජනප්‍රවාදගත රාම් සේතු හෙවත් ආදම්ගේ පාලම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පාලමකින් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක තලයට ගෙන ඒමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යෝජනා කර ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.

2002 වසරේදී එවකට ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර ගොඩබිම් පාලමක් යෝජනා කර තිබූ අතර, එය ශ්‍රී ලංකාවේ ජාතික භෞතික සැලැස්ම තුළද අන්තර්ගත විය. මෙම සැලසුමට විමල් වීරවංශ ඇතුළු දේශපාලනඥයන් රැසකගෙන් චෝදනාද එල්ල විය.

උක්ත සැලසුමට අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දුම්රිය මාර්ගයක් සහ මහාමාර්ගයක් හරහා සම්බන්ධ කිරීමට යෝජනා වී තිබිණ. මේ පිළිබඳ දැවැන්ත චෝදනා සහ සංවාද රැසක් පණනැගුණු අතර, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයක පවා මෙම පාලම ගැන සඳහන්ව තිබිණි.

ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් කරන ලද මෙම යෝජනාවට ශ්‍රී ලංකා රජය මෙතෙක් ප්‍රතිචාරය දක්වා නොමැති බවද වර්තා වේ.

Related posts

පලස්තීනයට හුරේ දාන්න ගිය පළිය ඇමරිකාව ගනී.. GSP සහනය කපා දමයි.. ලංකාව ලෝක අමාරුවක වැටේ !

colombotoday

නිමල් ලෙව්කේට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩප විශේෂ සාමාජිකත්වය

colombotoday

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

colombotoday

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

colombotoday

ජිනීවා සමුළුවට තවත් ටොම් පචයක්.. නිවැරදි කරන්න තානාපති කාර්යාලයේ කවුරුවත් නෑ

colombotoday

අපි කන යෝගට්, මී කිරි වල අමු අමුවේ ජෙලටින්?

Admin