ආර්ථික විශේෂඥයින් කුමක් දැක්වූවත් ජනතාවට අහිතකර කිසිදු බදු යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනතාව පිළිබදව නොසිත ආර්ථික විශේෂඥයින් සිටීනම් ඔවුන්ට රාජකාරි අතහැර යා හැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොලොන්නරුව පුලතිසිපුර බුද්ධි මණ්ඩපයේ අද(18) පැවැති උත්සවයකට එක්වෙමිනි.
ලබන 02 වැනිදා සිට 11% වන වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.