Colombo Today Local NewsTop Stories

ගෝඨාභයට කේස් වැලක්! ළඟදීම අධිකරණයට?

2011 වසරේදී මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් යන අය අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා, එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ජුලි 30 වැනිදා සලකා බැලීමට සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) නියම කළේය.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෙම අභියාචනා පෙත්සමට කරුණු දැක්වීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීම හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කරනුයේ ආරක්ෂාව සම්බන්ධ සැකයක් මතු කරමිනි.

කෙසේ වුවත්, මේ සම්බන්ධයෙන් ඔහුට කුමන උසාවියක හෝ කරුණු දැක්වීමට සිදු වන තත්වයක් මේ වනවිට මතුව තිබේ.

ඒ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා වන පුබුදු ජයගොඩ විසින් සැකෙවින් මෙසේ පැහැදිළි කොට සිටියේය.

ගෝඨාභය දුන් නියෝගයක් නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

මේ අතර, 2020 වසරේදී හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නම් කාන්තාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කරන ලදී.

මෙහිදී උක්ත තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ, මෙම නඩුවේ පෞද්ගලික වගඋත්තරකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කර නොමැති බැවින් ඔහුගෙන් වන්දි අය කර ගැනීමට හැකියාවක් නොමැති බවත්, එහෙයින් අගතියට පත් කාන්තාවට සිදු වූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත්ය.

හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් 2020 වසරේ ජනවාරි මස 30 වන දා බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද මෙම කාන්තාව, විෂ වර්ග හා අන්තරායකර ඖෂධ පනතේ 82(3) වගන්තිය යටතේ පොලිසිය විසින් දින හතක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම් වලට ලක් කොට තිබේ.

ඉන් පසුව එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කළ රැඳවුම් නියෝගයක් මත තමන්ව රඳවාගෙන ප්‍රශ්න කළ බවත් පෙත්සම්කාරිය ප්‍රකාශ කොට සිටියාය.

එහෙත්, තමාට එරෙහි රැඳවුම් නියෝගයක් නිකුත් කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බවත්, එහෙයින් ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ මෙම රැඳවුම් නියෝගය නීතියට පටහැනි බවත් පෙත්සම්කාරිය තර්ක කොට තිබිණි.

මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව පුද්ගලයෙකු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය හිමිවන්නේ ආරක්ෂක අමාත්‍යවරයාට පමණක් බවයි.

මාතලේ මිනී මැරූ යුනිෆෝම් ඝාතකයා!

මේ අතර 71 – 87 භීෂණ සමයේ අතුරුදන්වූවන් වෙනුවෙන් හඬක් නගමින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවරණයන් කිහිපයක් සිදු කරන ලදී.

එම කරුණු කාරණා පිළිබඳ කිසිවක් සාරාංශගත කිරීමට නොවෙහෙසෙමි. පහත වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්නැයි අපි ආරාධනා කොට සිටිමු.

සටහන – Chalana

Related posts

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ගුවන් ගමන් වැඩි කරයි

Admin

රජය ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය පතයි

colombotoday

පොල් ගෙඩිය මැනීමේ නවතම මිනුම ගල් යුගයේ වැඩක්. නීති අධ්‍යක්ෂකවරියට චෝදනා

colombotoday

කටුනායක ගුවන්තොටුපොළේ පැය 24ම එන්නත්කරණ මධ්‍යස්ථානයක්

colombotoday

තවත් හපන්කමක්… අරණායක බේරාගැනීමේ ක්‍රියාන්විතයට මුල් වුණු හැටි චතුර හෙළිකරයි

colombotoday

කොල්ල කෑ ස්මාර්ට් දුරකථනයේ වතුකරයේ තරුණියන් අට දෙනකුගේ නිරුවත් වීඩියෝ

colombotoday