Colombo Today Local News

තානාපති සේවා අඩපණයි, මියන්මාරයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාර දෙකක් හැදීමේ ව්‍යාපෘතිය එරට රජය අතහැර දමයි

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුර්වලතාවය නිසා ශ්‍රී ලංකා සහ මියන්මාර් රජයේ අනුග්‍රහය සහිතව එරට ඉදිකිරීමට යෝජිත වූ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අතහැර දැමීමට මියන්මාර රජය තීරණය කර තිබේ.

ලොව ප්‍රධානතම ථෙරවාද බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරය සමග රාජ්‍යතාන්ත්‍රික සබදතා තර කරගැනීම සහ බෞද්ධ කටයුතු සබදතා විධිමත්ව පවත්වාගෙන යෑම සදහා පසුගිය රජය යටතේ මියන්මාර තානාපති ලෙස කටයුතු කළ නිව්ටන් ගුණරත්න මහතාගේ මැදිහත්වීමෙන් දෙරටේම රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම ශ්‍රී ලාංකික විහාරස්ථාන දෙක රැංගුන් සහ මණ්ඩලේ නගරවල ඉදිකිරීමට යෝජිතව තිබිණි. ශ්‍රී ලංකාව තුළ මියන්මාර විහාරස්ථාන පැවතියත් මියන්මාරය තුළ ශ්‍රී ලාංකික විහාරස්ථානයක් නොමැති අඩුව සැපරීමද එහි තවත් අරමුණක් විය.

ආණ්ඩු පෙරළියත් සමග නිවුටන් ගුණරත්න මහතා යළිත් සියරට කැදවූ අතර මියන්මාරය හා තානාපති සබදකම් විධිමත්ව පවත්වාගෙන යෑමට වත්මන් රජය උනන්දු නොවීම නිසා දෙරට අතර සබදතා දුර්වල වී ඇති පසුබිමක අදාළ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවෙන් ලැබිය යුතු දායකත්වය නොලැබීයාම නිසා මියන්මාර් රජය එම ව්‍යාපෘතිය අතහැර දමා තිබේ.

Related posts

හරීන්ගේ තනතුර නලීන් බණ්ඩාරට

colombotoday

“විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි” – ඒකාබද්ධයේ කැදවුම්කරුත් JVP, NGO, TNA පෙරහැරේ…

colombotoday

ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් රුපියල් 2000ක දීමනාවක්

colombotoday

වසන්ත සමඟ සාකච්ඡා බිඳවැටේ සහල් ආනයන කොට උඩ?

Admin

එජාපයෙන් ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක්..

colombotoday

මිරිහාන දී බස් 2කට ගිනිතැබූ අය සොයන්න CIDය මහජන සහය පතයි

colombotoday