Colombo Today Local News

ඇදුම හොද නැතැයි පොලිසිය කැදවා ගුරුවරියන් පාසලෙන් එලවති

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතුවල යෙදෙන ගුරුවරියන් සාරිවලින් සැරසී නොපැමිණියේ යැයි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ඔවුන් ගේට්ටුවෙන් ඇතුලට නොගැනීම නිසා (16) උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ හේතුවෙන් ඇති වූ උණුසුම් තත්ත්වය මත එම ස්ථානයට පොලිසිය පවා කැඳවූ අතර අවසානයේ විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග මධ්‍යස්ථානය දින තුනකට වසා දමා තිබේ.

ගුරුවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ විභාග පිළිතුරු පත් ඇගයීම පාසලක අධ්‍යයන කටයුත්තන් නොව විභාග කොමසාරිස්වරයා යටතේ සිදුවන කාර්යයක් නිසා ඒ සම්බන්ධයෙන් විදුහල්පතිට වගකීමක් නැති බවය.

විදුහල්පතිනිය තදින් දැනුම් දී ඇත්තේත් පාසල් පැවැත්වෙන දිනයක් නිසා ගුරුවරියන් සාරි ඇඳ පාසල් භූමියට ඇතුළු විය යුතු බවයි.

ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් එය පාලනය කිරීමට පොලිසිය කැඳවා තිබිණි.

පොලිසිය ද මැදිහත් වුවත් එම තත්ත්වය සමථයකට පත් නොවු නිසා විභාග කොමසාරිස් ජනරාල්රයා විසින් විභාග මධ්‍යස්ථානය වසා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ලංකා ගුරු සංගමය ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටින්නේ මේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන ලේකම්වරයා වහා මැදිහත්වී නිසි පියවරක් නොගතහොත් ඉක්මන් ක්‍රියා මාර්ගයකට යොමු වීමට සිදුවන බවයි.

රට පුරා පාසල්වල විභාග උත්තර පත්‍ර අගයන ගුරුවරුන් තමන්ට පහසු ඇඳුමකින් එම කටයුත්තේ නිරත වීමට බාධා මෙතෙක් මතුව නැති බවත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පමණක් එවැන්නක් සිදුවීම පිළිගත නොහැකි බවත්ය.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

මහ සයුරේ දැවැන්තයෙක් මගීන් 1176ක් රැගෙන මාගම්පුර වරායට

colombotoday

රත්නපුර අධිකරණ සීමාවේ නඩු විභාග නවත්වයි

colombotoday

බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

Admin

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

colombotoday