Colombo Today Local News

වී මිල අඩු කරන්න රජයේ උත්සාහයක්

වී කිලෝවක සහතික මිල රුපියල් 110 ක් කර ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට රජය සූදානම් වන බවත් දැනටත් වී මිල ඇත්තේ ඊට බොහෝ ඉහලින් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

සහල් වල පාලන මිල දැනට පවතින සීමාවේ පවත්වාගෙන යාමට නම් වී පාලන මිල මෙම මිලට ගෙන ආ යුතුව ඇති බවද හෙතෙම කියා සිටියේය.

එ් අනුව වත්මන් රජය විසින් ගොවි ජනතාවට දෙන ලද පොරොන්දු බිඳ හෙලිමට සූදානම් වන බවත් ඔවුන් විපක්ෂයේ සිටියදී පැවසුයේ ගොවියාගේ වී නිෂ්පාදනයට ඉහළ මිලක් ලබා දෙන බවත් ඔහු පැවසීය.

එසේ නොවන්නේ නම් ගොවියාගේ වී සඳහා රජය විසින් මිලදී ගන්නා සහතික මිල කීයක්දැයි නිශ්චිත වශයෙන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කරන ලෙසද ඔහු අද පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය.

Related posts

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වෙන්න තීරණය කළා – නීතිඥ මනෝජ් නානායක්කාර

colombotoday

බදියුදීන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ සජිත්ගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි

Admin

ජපානයෙන් ආ පිස්තෝලය රේගුවෙන් පන්නන්න බැරිවෙයි

colombotoday

“මේ ආණ්ඩුවේ හොදයැයි කීමට කිසිවත් ඉතිරි වී නැහැ.. ආණ්ඩුව පෙරළනවා..” රතන හිමි ගල්ලෙන බිදින්න යයි

colombotoday

කුඩාවැල්ල ධීවර වරායේ යාත්‍රාවක් ගිනි ගනී

colombotoday