Colombo Today Local News

සුපිරි හරක්ගේ ශුක්‍රාණු ගේන්න කැබිනට් අනුමැතිය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පාකිස්තානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

උසස් තත්ත්වයේ ජාන හැකියාවක් සහිත ගවයන් ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 100 බැගින් වෙන් කර තිබුණ ද, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලු හේතුවෙන් අවශ්‍ය ගවයන් සපයා ගැනීමට නොහැකි වී තිබේ.

එබැවින්, සෘජුවම රජයන් දෙකක් අතර සිදු කරනු ලබන ගනුදෙනුවක් වශයෙන් සුදුසු ගවයන් මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් තොරතුරු විමසා ඇති අතර, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම යටතේ පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය විසින් සහිචාල් හා නිලි රවී වර්ග වලට අයත් ශුක්‍රදායක පුංගවයන් හත්දෙනෙකු (07) මෙරටට සැපයීමට එකඟතාව පළකොට තිබේ. මෙම පුංගවයන් ආනයනය කර ශුක්‍ර නිෂ්පාදනය කරන තෙක් සහිචාල් ගව ශුක්‍ර වඩි 20,000ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයකින් රජයකට ගණුදෙනුවක් ලෙස මිල දී ගැනීම යෝග්‍ය බවද තීරණය කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය හා පාකිස්තාන රජය අතර ගනුදෙනුවක් ලෙස සහිවාල් වර්ගයට අයත් පුං ගවයින් පස් දෙනෙකු (05) හා නිලි රවී වර්ගයට අයක් පුං ගවයන් දෙදෙනෙකු (02) මිල දී ගැනීමටත්, සහිවාල් ගව ශුක්‍ර වඩි 20,000 ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයන් අතර ගනුදෙනුවක් ලෙස මිල දී ගැනීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

“හරිම කනගාටුයි. රන්ජන් ට ලැබිලා තියෙන්නේ අර්ධ නිදහසක්.” – විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයි

colombotoday

මියන්මාරයේ අමරපුර ඇති ලොව ප්‍රථම ජේඩ් දාගැබ !

colombotoday

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday

එක් අයෙකුට කිලෝ තුනයි සහල් සීමා පැනවෙයි

Admin