Colombo Today Local News

මත්පැන් බලපත්‍රවලින් කොටසක් නැවත ලබා දෙයි

සුරා බදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර කිහිපය තුළ නිකුත් කරන ලද සිල්ලරට මත්පැන් විකිණීමේ බලපත්‍ර, සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ ආපන ශාලා සම්බන්ධයෙන් ඇති වී තිබූ මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර, මුදල් අමාත්‍යවරයාගේ නියෝග මත සියලුම සිල්ල රට මත්පැන් විකිණීමේ නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව පියවර ගන්නා ලදී.

නමුත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සංචාරක මණ්ඩලය විසින් අනුමත කරනු ලබන තරු පන්තියේ හෝටල් සහ ආපනශාලා සඳහා බලපත්‍ර නිකුත් කිරීම කෙරෙහි සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර, සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ අදාල සුරා බදු නිවේදනයන්ට අනුකූලව සපුරාලිය යුතු අනෙකුත් සුදුසුකම් සහිත හෝටල් සහ ආපනශාලා සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්ණායක වලට අනුකූලව, මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය මත නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරා බදු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Related posts

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

මැක්කෝ නිසා බලපිටියේ පාසලක ප්‍රාථමික අංශය වසා දමයි

Admin

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

colombotoday

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin

නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් දිවුරුම් දෙයි

colombotoday

හන්තාන ඉඩම මගේ.. ඒ නිසා මා එළි පෙහෙලි කලා – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday