Colombo Today Local News

අනුර සමග රටට ගමනක් නැති බව ඡන්දය දුන් ජනතාවට තේරිලා

අනුර දිසානායක සමග රටට ගමනක් නැති බව ඔහුට ඡන්දය දුන් ජනතාවට දැන් අවබෝධ වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු දුමින්ද දිසානායක මහතා පවසයි.

“තාවකාලික විසඳුමක් හෙව්ව උදවියට අද තේරිලා තියෙනවා අනුර කුමාරත් එක්ක ගමනක් යන්න බෑ කියලා.අපි මැතිවරණ වේදිකාවේ අනුර කුමාරට බෑ කියලා කිව්වේ, අනුර කුමාරත් එක්ක තරහකට නෙමෙයි.

අනුර කුමාර පාර්ලිමේන්තු ආවේ 2000, එයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවා, ඔබතුමන්ලා මාව කතිරය ගහලා යැව්වා 2000, අපි දෙන්නම අවුරුදු 24 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපි අනුරත් එක්ක යාලුයි, හිතවත්, හැබැයි අපි අනුර කුමාරට බෑ කියලා කිව්වෙ එයාට ආණ්ඩුවක් කරලා අත්දැකීමක් නැති නිසායි.

මම කථාවකදී කිව්වා අනුර කුමාර තේ කඩයක්වත් කරලා නෑ කියලා. ඒ කිව්වේ තරහකට නෙමෙයි, අත්දැකීම් තියෙන්න ඕන රටක් පාලනය කරන්න. එහෙම නම් තාවකාලිකව මාලිමාවත් එක්ක අත්වැල් බැඳ ගත්ත උදවියට දැන් අපි කියන්න කලින් තේරිලා තියෙනවා මේ ගමන යන්න බෑ කියලා.”

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ හබරණ ප්‍රදේශයේ පැවති පක්ෂ ක්‍රියාකාරීන් හමුවකදීය.

Related posts

මෛත්‍රී එදත් කරේ නහයෙන් අඩන එකයි… පම්පෝරිය විතරයි, වැඩ නෑ.. යුද්ධ කාලෙ මෙයා හිටියනම් විනාසයි

colombotoday

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

එක්නැලිගොඩ නඩුවට, වසරක් සිරගතව සිටි බුද්ධි නිලධාරීන් 4කට ඇප.. තවත් 5ක් ඇතුලේ !

colombotoday

සඳහිරු සෑයට රත්‍රං දුන්නේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකටයි. – නිලධාරීන්ගෙන් පලිගැනීම වැරදියි. හිටපු ජනපති

colombotoday

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

Admin