Colombo Today Local News

ජනාධිපති බ්‍රික්ස් සමුළුවට නොයන්නේ ඇයි?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුසියාවේ පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී නොවන්නේ කිසියම් විදේශීය බලවේගයක බලපෑම් හේතුවෙන්දැයි සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විමසා සිටියි.

කොළඹ දී පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම ප්‍රශ්නය නැගුවේය.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත BRICS සමුළුවට සහභාගි නොවීමට ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා තීරණය කර ඇත්දැයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

“ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර ඇති බව සඳහන් කිරීම ගැන අපි සතුටු වෙනවා. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා යන දෙදෙනාම සමුළුවට සහභාගී නොවීම කණගාටුවට කරුණකි. රාජ්‍ය නායකයන් වැදගත් සමුළු සඳහා සහභාගී විය යුතුයි’ එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා අයැදුම් කර ඇති නමුත් ඉදිරි මැතිවරණ කටයුතු හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන බව පසුගියදා අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති මෙරට සිටින විදෙස් තානාපතිවරුන් හා එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයන් හමුවූ අවස්ථාවේ දී පැවසීය .

– Divaina

Related posts

රේගු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

සොල්දාදුවෙකු ලෙස රට වෙනුවෙන් සටන් කර ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අපව තැබීමට ඔබ කළ මෙහෙවර විශිෂ්ටයි. | ජනපතිගෙන් සුභ පැතුම්

colombotoday

දරුවන් තිදෙනා පොලිසියට භාර දි මවක් දුම්රියට පනින්න හදයි

Admin

වැඩ වර්ජනයට අපි නැහැ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය කියයි

Admin

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 75%කගේ රැකියා අහිමිවීමේ අවදානමක්

colombotoday

ගින්න අස්සේ මන්ත්‍රීගේ පිස්තෝලෙට සිදු වූ දේ

colombotoday