Colombo Today Local News

අනුර සති දෙකට බිලියන 347ක ණය අරන්

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුල දේශීය වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 347,500ක ණය ලබාගෙන ඇතැයි මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සදහා අද වන විටත් අධි ඉල්ලුමක් ලැබෙමින් ඇති බවත් ඊට හේතුව නව රජයද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යනු ඇති බවට වෙලදපලට ඇතිව තිබෙන විශ්වාසය බවත් හෙතෙම පවසයි.

කෙසේ වෙතත් මෙරට ආර්ථිකය කඩා වැටුවේ ණය වැඩි වීම නිසා යයිද පැවසූ ඔහු මුල්‍ය අරමුදලේ පලමුවැනි එකගතාව ණය තිරසරභාවය බවත් පැවසුවේය.

නව රජය යටතේ පළමු වරට අද දිනයේ රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ද සිදු කිරීමට නියමිතය.

Related posts

වාහන 5000ක් කොළඹ වටලන්න එයි.. අද හවසට දැඩි රථවාහන තදබදයක ලකුණු !

colombotoday

13ට එහා ගිය බලය බෙදීමක් ඕන.. අත් දෙකම උස්සන්න මම ලෑස්තියි

colombotoday

ධම්මික පෙරේරාත් ආර්ථික ස්ථායිකරණ කාරක සභාවට

Admin

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස දිවි හැර යයි

Admin

සියළුම දේශපාලන පක්ෂ දූෂිතයි… පිරිසිදු අපි පමණයි…

colombotoday

රතු මුහුදේ අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් වෙනවා නම් ඒවා ආරක්ෂා කරන්න අපි කැපවෙලා තියෙනවා – රනිල් වික්‍රමසිංහ

Admin