Colombo Today Local News

මුස්ලිම් සමූලඝාතන චෝදනා… ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයෙන් කණ පැලෙන්න පිළිතුරු.. සමුළුව විසුරුවා ජිනීවා කොටි පැන දුවති !

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයේ සමාන්තර සැසි දෙකක් මාර්තු 19 දා ජිනීවාහීදි පැවැත්වූනි. ඒවා සංවිධානය කොට තිබුනේ පිලිවෙලින් ගෝලීය දෙමල සංසදය හා ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය විසිනුයි.

මෙම සමාන්තර සැසිවාර වල මූලික අරමුණ වන්නේ සංහිදියාව සම්බන්ධයෙන් ලංකාවේ පවතින වර්ථ්මාන තත්වය පිලිබඳ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරිමයි.

වසර ගනනාවක් පුරා ජිනීවා මානව හිමිකම් කවුන්සිය තුල තම ආධිපත්‍යය පතුරවාගෙන අන්තර්ජාතික ප්‍රජාව නොමග යවමින් සිටි කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාවට දැන් විශාල ගැටලුවක්ව තිබෙන්නේ ඔවුන්ගේ සම්මන්ත්‍රණවලට සහභාගීවන ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ නියෝජිතයින් විසින් දෙමල ඩයපෝරාව විසින් ඉදිරිපත්කරණ කරුණු තර්කානුකූලව අභියෝගයට ලක් කිරීමයි.

මෙවැනි සිද්ධියක් නිසා පැවති එක් සමාන්තර සැසියක් ඉතා උනුසුම් මුහුනුවරක් ගත්තේය.

මෙහිදී දෙමල ඩයස්පෝරාව වෙනුවෙන් කරුණු දක්වමින් සිටි මහාචාර්ය ‘ඩි සයාස්’ නැමති යුරෝපීය උපදෙශකයෙකු විසින් ලංකාවේ සිංහල ජනතාව විසින් දෙමල කතාකරන මුස්ලිම් ජනතාව විශාල වශයයෙන් සමූලඝාතනය කරන බවට කල ප්‍රකාශයත් මෙන්ම ‘පෝල් නිවුමන්’ නැමති දෙමල ඩයස්පෝරා නියෝජිතයා විසින් වසර 100 යක් තුල ත්‍රීකුණාමලයේ සිංහල ජන ප්‍රතිශතය ඉහලයාම ගැන රජයට දොස් නගමින් කල ප්‍රකාශයත් ආචාර්ය නාලක ගොඩහේවා විසින් අභියෝගයට ලක් කරන ලදී.

ආචාර්ය ගොඩහේවා අසා සිටියේ 1990 වසරේ යාපනය අර්ධදීවීපයේ වාසය කල මුස්ලිම් ජනතාවට පැය 48 ක් තුල පිටව යන ලෙස එල් ටී ටී ය අණ කල හැටිත්, මායිම් ගම්මාන වල ජීවත් වූ සිය ගනනක් මුස්ලිම් ජනතාව මරාදැමූ හැටිත් අමතකද කියායි. එසේම 1990 දී කාත්තුකුන්ඩි ප්‍රදේශයේ පල්ලියක් තුල යාඥාකරමින් සිටි මුස්ලිම් ජාතිකයින් 147ක් කොටි ත්‍රස්ථවාදීන් විසින් මරාදැමූ හැටිද ආචාර්ය ගොඩහේවා සිහිපත් කලේය.

ලංකාව තුල ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය සිංහල දෙමල මුස්ලිම් බර්ගර් යන ඕනෑම වර්ගයක ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ඇති බව පෙන්වාදුන් ආචාර්ය ගොඩහේවා වසර 100ක් තුල වැල්ල්ලවත්තේ දෙමල ජන ප්‍රතිශතය ඉහල යාම ගැන සිංහලයන් පැමිණිලි නොකරන්නේ ඔවුන් ජාතිවාදීන් නොවන නිසා බවද පෙන්වාදුන්නේය.

මෙහිදී බාදා කරන්නට උත්සාහ කල දෙමල ඩයස්පෝරා නියෝජිතයින්ට එහි සිටි ශ්‍රී ලාංකිය ගෝලීය සංසධයේ අනෙකුත් නියෝජිතයින්ගේ දැඩි විරෝධයක් එල්ලවිය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගෝලීය සංසධයේ ඊශ්‍රාලයේ සම සභාපති ජනත් විමල මහතා ද්‍රවිඩා ජාතික මරණ ගැන පමණක් කඳුලු හෙලන විදෙශිකයින් වසර 30 තිස්සේ කොටි ත්‍රස්ථ්වාදීන් විසින් මරා දමනු ලැබු සිංහල ජනතාව ගැන වචනයක්වත් කතා කරන්නේ නැත්තේ මන්දැයි විමසීය.

අනතුරුව ඇතිවූ වාදයට ගෝලීය සංසදයේ වසන්ත කීර්තිරත්න, කුමාරි මුහන්දිරම්, නිමලා ලියනපටබැඳි, ඉන්දික ගුනසේකර, උදය විජේසිංහ, සංජීව දොඩම්තැන්න, ජීවා හෙට්ටිආරච්චි, ලක්ෂ්මන් බාන්ස් , සුනිල් ශාන්ත, නීතීඥ රිශාන්ත උඩවත්ත ඇතුලු බොහෝ දෙනෙක් සහභාගී වූ අතර ගෝලීය සංසදයේ තර්කවලට පිලිතුරු දී ගත නොහැකිවූ සංවිධායකයින් කලේ සැසිය අතරමැද විසුරවා හැරීමයි.

– චාමින්ද කරුණාරත්න

Related posts

ආසනික් බහුල කුණු සැමන් කන්ටේනර් යළි චීනයට හරවා යවයි

colombotoday

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

colombotoday

මඩකලපුව සියොන් දේවාස්ථානයට එල්ලවූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බොම්බ කරු මෙන්න

colombotoday

යහපාලන සම්මුතිය කම්මුතුයි… ඉතිරි දෙවසර අදින්න “අන්තර් පාලන රජයක්” එයි…

colombotoday

ආණ්ඩුවට වැඩ බෑ – සාක්ෂි පෙන්වමින් මරික්කාර් ආණ්ඩුව පතුරු ගසයි (වීඩියෝ)

colombotoday

අගමැති අද සිය ධුරයේ වැඩ බාරගනී

colombotoday