Colombo Today Local News

සුරාබදු ලොක්කෙක් රටින් පැනීමේ සූදානමක?

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ දී සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් විදෙස්ගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් වී තිබේ.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් එම මෝසම ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

නීතියට පටහැනි ලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගය නොතකා කටයුතු කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළව එම මෝසම ඉදිරිපත් කර තිබේ.

‍මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.කේ විජේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.

Related posts

ඇමති මංගල එක්ක බෑ… දයා ගමගේ ඇමතිකමින් අස්වෙයි..

colombotoday

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් 5 වනදා..

colombotoday

69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. බොහෝ වියත් ආකාරයෙන් ජනතාවට සලකන බව පේනවා..

colombotoday

“මහ ඇමති මුස්ලිම් වුණත් කමක් නෑ.. උතුර නැගෙනහිර එක්කර එක පළාත් සභාවක් ඕනමයි“ – TNA

colombotoday

කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණිලා.

colombotoday