Colombo Today Local News

“මහ ඇමති මුස්ලිම් වුණත් කමක් නෑ.. උතුර නැගෙනහිර එක්කර එක පළාත් සභාවක් ඕනමයි“ – TNA

tna sambandhanඋතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව ඒ සඳහා පත් වන මහ ඇමතිවරයා මුස්ලිම් ජාතිකයකු වුවත් තමන් එය පිළිගැනීමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පවසයි.

විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ සමාජීය, සංස්කෘතික ගුණාංග සහ අයිතීන් සුරැකීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බව යළි අවධාරණය කරමින්.

‘මෙය මහ ඇමති ධුරයට අදාළ ප්‍රශ්නයක් නොවෙයි. මහ ඇමති මුස්ලිම්ද?, දෙමළද? කියන කාරණය ප්‍රශ්නයක් නොවෙයි. දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ආගම, කලාව, සංස්කෘතිය, පාරම්පරික සම්ප්‍රදාය ඇතුළු අයිතීන් සුරැකීම සඳහා උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය බව අපි අවධාරණය කරනවා,’ මඩකලපුවේ පැවති නැගෙනහිර පළාත් දෙමළ සාහිත්‍ය උළෙල අමතමින් ඔහු පැවසීය.

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන්නේ නම් ඒ තුළ කිසිදු ජන කොට්ඨාශයකට අසාධාරණයක් සිදු නොවනු ඇති බවටත් විපක්ෂ නායකවරයා විශ්වාසය පළ කළේය.

‘අපි සමග ජීවත් වන මුස්ලිම් හා සිංහල ජනතාව සෑහීමකට පත් වී ජීවත් විය යුතුයි. ඒ ජනතාවගේ අයිතීන් සුරැකිය යුතුයි. ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු සියලු අවශ්‍යතා ඉටු කරන්න අපි කැමැත්තෙන් සිටිනවා,

ඒ හා සම්බන්ධ කරුණු සැලකිල්ලට ගෙන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් තුළින් ජාතික ගැටලුවට විසඳුම් සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

යම් කිසිවකු විසින් තවත් අයකු රවටා විසඳුම් සෙවිය නොහැකි බවත් සියලු දෙනා එක් වී සමගියෙන් හා අවබෝධයෙන් තීන්දු තීරණවලට පැමිණිය යුතු වැදගත් කාලයක් එළඹ ඇති බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් වැඩිදුරටත් පැවසීය.

– BBC

Related posts

ජාතියේ උරුමය රැක දිය හැකි නායකයෙකු ජනාධිපති ධූරයට පත්කරගන්න – එල්ලාවල මේධානන්ද හිමි

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකදී 1158ක් අත්අඩංගුවේ

colombotoday

කාති උසාවි පිළිකුල් සහගතයි. මුස්ලිම් කාන්තාවක් අධිකරණ අමාත්‍යංශයට

colombotoday

ජනපති මැඳුරෙන් සොයාගත් මුදල් අස්ථානගත වීම ගැන නඩුවෙන් වසන්ත මුදලිගේට ඇප

Admin

අලුත්ම නීතියක් පාර්ලිමේන්තුවේදී සම්මතයි.. ”හැප්පුණොත් ඔන් ද ස්පොට්” ඉන්දියන් කාර් එක මෙරට වෙළදපොලට

colombotoday