Uncategorized

ඉන්ධන නෑ,විදුලිය නෑ,සල්ලි නෑ, අරගලයෙන් පසු බංගලාදේශයේ තත්වය මෙන්න

බංග්ලාදේශය දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාලයක් තිස්සේ එරට මුහුණ දෙමින් තිබූ මෙම අර්බුදය මෑතකදී සිදුවූ ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් පසු සිදුවූ දේශපාලන වෙනස සමග උත්සන්න වී ඇත.

බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් හා එම ක්‍ෂෙත‍්‍රයේ ආයෝජන වැඩි කිරීමටත් පසුගිය රජය ගන්නා ලද ක්‍රියා මාර්ග නව රජය විසින් අවලංගු කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේවටත් ඉන්දියාව විසින් බංගලදේශයේ උතුරු ප්‍රදේශවලට ඩීසල් සැපයුම අත්හිටුවා තිබේ.

ඒ බංගලාදේශයේ ඇති දේශපාලන අස්ථාවරත්වය සලකා බලමිනි.

එමෙන්ම බංගලාදේශයට විදුලිය සපයන ඉන්දීය සමාගම් වෙත ඇමරිකානු ඩොලර් බිලියන තුනක මුදලක් බංගල දේශය විසින් ගෙවා දැමිය යුතුව තිබේ.

බංගල දේශ භාරකාර රජය මේ වන විටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ණය දෙන ආයතන වෙතින් විසින් ඩොලර් මිලියන බිලියන අටක ණය මුදලක් ඉල්ලා තිබේ.

ඒ රට පවත්වාගෙන යාම හා ගෙවීමට ඇති ණය වාරික ගෙවා දැමීම සඳහායි.

බංගලාදේශය මේ වන විට ඩොලර් බිලියන තුනක මීළඟ ණය වාරිකයද ගෙවා ගත නොහැකි බරපතළ අර්බුදයකද සිරවී සිටී.

9,429 views

Related posts

ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කරන තුරු අන්තර්වාර ආණ්ඩුවකට ජනපති සමග සාකච්ඡා නැහැ

colombotoday

“ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයක ගිලෙමින් පවති”- ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු අනාවරණය කරයි

colombotoday

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශයේ වෙඩිපිටිවලත් මුස්ලිම් අන්තවාදීන් පුහුණු වෙලා !!

colombotoday

ගාලු පුරයටත් සංචාරක වරාය නගරයක්

colombotoday

තව ඉවසන්නෙ නෑ… මහ විනාශයක් වෙයි… පල්ලි සෝදිසිය වහා නවතනු – ආණ්ඩුකාර සාලි තර්ජණය කරයි

colombotoday