Colombo Today Local News

උඩුවැල්ලේ බස් රථ අනතුරකින් පිරිසක් රෝහල්ගත කරයි

දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුළු මගීන් 50 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර උදෑසන (09) 6.45ට පමණ අනතුර සිදුව ඇත්තේ දොළොස්බාගේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය, උඩුවැල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර මෙසේ සිදුවී ඇත.

එහිදී බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු, මගීන් පස්දෙනෙකු සහ බස් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ දී බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසී ඇති බවත්, ඒ සමගම බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඇති අතර, රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමට සලස්සවා නතර කරගෙන ඇති බවත් සිදුකළ පරීක්ෂණයේ දී පොලීසියට අනාවරණය වී තිබේ.

බස් රථය අනතුරට පත් වු ස්ථානයේ සිට මිටර් 300ක පමණ දුරකින් අධික බෑවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරළීම වළක්වා ගනිමින් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බවත් පොලීසිය කියා සිටියේය.

අදාළ බස් රථය ධාවනයෙන් ඉවත් කර තිබී පසුව නැවත අලුත්වැඩියා කර ධාවනයට එක්කර ඇති බව නාවලපිටිය ඩිපෝවේ නිලධාරියෙකු පැවසීය.

Related posts

දුරකතන ගාස්තු 20%කින් ඉහළ දැමීමට අනුමැතිය

colombotoday

පැණී බීමට වඩා බියර් එකක් බොන එක ගුණයි – මංගල

colombotoday

නිවසක් කොල්ලකෑමට ආ හොරා අඹුසැමි යුවළකගෙන් මන්නා පහර කයි

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වරාය තුළ පිපුරුවා නම් වරායේ සිට ෂැංග්‍රිලා හෝටලය දක්වා වූ ගොඩනැගිලි සියල්ල විනාශයි.

colombotoday

හොරෙන් බදු ගහන්න ගිහින් තිබ්බ ටිකත් නැතිවුණා.. නීතිය හා පිළිවෙල ගැන මේ ආණ්ඩුව උගන්වන්න වෙනවා

colombotoday

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin