Colombo Today Local NewsUncategorized

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

ඊයේ (29) රාත්‍රියේ අග්බෝපුර 84 ප්‍රදේශයේදී එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවක් පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රියේ සිය නිවසට යාබද නිවසක සිටින තවත් පුද්ගයෙකු බීමතින් පැමිණ මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පරුෂ වචනයෙන් බැණවැදී ඇති අතර එය නවත්වන ලෙස පැවසීමට ඇය සිය සැමියා සහ තවත් ඥාති සහෝදරයෙකු සමග අදාළ පුද්ගලයාගේ නිවස අසලට ගොස් තිබේ.

එහිදී ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බීමතින් සිටි පුද්ගලයා මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පොරොවකින් පහරදී ඇත.

තුවාලකරුවන් කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඇයගේ සැමියා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000කට නව බඳවාගැනීම් කඩිනමින්

Admin

චීනය ණය දීම අත්හිටුවයි.. මධ්‍යම අධිවේගයේ වැඩ මග නවතී !

colombotoday

බේබදු පියා තුන් හැවිරිදි දරුවාව උණු වතුර දමා පුච්චලා

Admin

පළාත් කිහිපයකට අදත් වැසි

colombotoday

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුවක්

Admin

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයෙහි ව්‍යාපාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday