Colombo Today Local News

මිරිහානේ යුවලක් අභිරහස් ලෙස මියයයි

ඒ ඊයේ (08) දිනයේ නිවසක් තුළ සැකසහිත ලෙස මියගිය යුවළකගේ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි.

ඒ මිරිහාන ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසකිනි.

පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය පිරිමි මළසිරුරක්ද, මුළුතැන්ගෙයි බිම නිරුවත් කාන්තා මළසිරුරක් ද තිබූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය .

දින කිහිපයක් තිස්සේ එම නිවස පරිශ්‍රයෙන් දැඩි දුගදක් හමන බවට අසල්වැසියෙකු මිරිහාන පොලීසියට කළ දැනුම්දීමකට අනුව මෙම නිවස පරීක්ෂා කර කලේය.

මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි අඹු සැමි යුවළක් වන 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 96 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.

Related posts

රත්‍රං මිල ගණන් තවත් පහළට

Admin

බසයක් පෙරලී 5කට තුවාල

Admin

ඥානසාර හිමි පිලිබදව එල්ලාවල හිමිගෙන් විශේෂ හෙළිදරවුවක්

colombotoday

නාමල් එළියට… බැසිල් ඇතුළට !

colombotoday

ත්‍රීරෝද රථයකට ගිනි ඇවිලී අයෙක් මිය යයි

colombotoday

කල්පිටිය කලපුවේ වසර පහකට පසුව ‘මුහුදු ඌරන් රංචුවක්’

colombotoday