Colombo Today Local News

මරාගෙන මැරෙන බෝම්බ හමුවීමේ සිද්ධිය ගැන ජීඑල් පීරිස්ගෙන් වහාම ප්‍රශ්න කරන්න යයි

gl pris

චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සහ පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබදව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කළ ප්‍රකාශය පිළිබදව ඔහුගෙන් ප්‍රශ්න කරන බව රජය පවසයි.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (31) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පැවසුවේ පොලීසිය ඉදිරි දිනකදී අදාළ ප්‍රශ්න කිරීම සිදු කරනු ඇති බවයි.

ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් ජීල් පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ අදාල සිදුවීම පිළිබදව සත්‍ය රටට හෙළි කිරීමට රජය කටයුතු කළ යුතු බවත් එම ආයුධ තොගය වැල්ලවත්ත ප්‍රදේශයට ගෙන ඒමට සූදානම් කර තිබූ ඒවාදැයි රජය ප්‍රකාශ කළ යුතු බවත්ය.

Related posts

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල අද විවෘත වේ !

colombotoday

ගිනිගන්නා MSC Messina නැවේ සේවකයෙක් අතුරුදන්. | ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය නැවට ලඟා වෙයි.

colombotoday

කොළඹ පාලුවට යයි – ප්‍රවාහන පහසුකම් අවමයි

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට CID පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

රටේ එලවලු පලතුරු අවශ්‍යතා නිල වශයෙන් හදුනාගැනිමට සංගණනයක්

colombotoday

වයඹ හරක්ට තහනමක්

Admin