Colombo Today Local News

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු මියයයි

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු අද (18)දින මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයකි.

මියගොස් ඇති සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 14දා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, එහි වාට්ටු අංක 3හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් වාර්තා වේ.

මියගොස් ඇති රැඳවියා පසුගිය 9දා හෙරෝයින් මත්කුඩු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව පොලීසිය සඳහන් කරයි.

සති දෙකකට පෙර දින 4ක් තුළදී රැඳවියන් තිදෙනෙකු මියගොස් තිබූ බවද වාර්තා විය.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වයි.

Related posts

දිවයින පුරා කළ මෙහෙයුමේ දී තවත් පුද්ගලයින් 2,296ක් අත්අඩංගුවට

Admin

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා?

colombotoday

කුණු කන්ද දුම්රියෙන් පුත්තලමට.. හමස් පෙට්ටියට ගිය, කොළඹ කුණු නසන ගෝඨාගේ සැලසුම මෙන්න

colombotoday

කතානායක හා නීතිපති ජනතා පරමාධිපත්‍ය කොල්ල කමින් ඉන්නවා

colombotoday

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

Admin

මෙවර මහ මැතිවරණයේ වියදම කෝටි 1000යි

colombotoday