Colombo Today Local News

බාල බෙහෙත් සිද්ධියට වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ,ගණකාධිකාරි ඇතුලු එහි සිව්දෙනකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක (1) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල විශේෂ කණ්ඩායමක් අමාත්‍යාංශය වෙත ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සිව් දෙනාගෙන් සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන අද පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

ආයුධත් සමග ආවා කල්ලියේ 7ක් අල්ලයි

colombotoday

ත්‍රීකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 25ක් මෙරටට ගන්න ඉන්දීය රජයෙන් ඉල්ලීමක්

colombotoday

මෛත්‍රීගේ සභාපති තනතුරට මරණාධාර සමිතියක සභාපති තනතුර තරම්වත් බලය නෑ !

colombotoday

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් අත්අඩංගුවට

colombotoday

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

මාරවිල, තොඩුවාවේදී මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගනී

colombotoday