Colombo Today Local News

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය යටවර බණ්ඩාරගේ දේහය දිවයිනට

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09)උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.

දේහය ඊශ්‍රායලයේ සිට ඩුබායි වෙත රැගෙන විත්, එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 579 දරන ගුවන් යානයෙන් උදෑසන 08.37ට කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන විත් තිබේ.

දේහය භාරගැනීම සඳහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ජයනි මධුවන්ති, 13 හැවිරිදි දුව, 09 හැවිරිදි පුතා, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත, හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ ඇත.

මෙම සුජිත් යටවර බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා (11)දින වෙන්නප්පුව, තුලාවෙල, මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

Related posts

ජවිපෙ මැයි රැළිය යාපනේ සැමරීමට යයි

colombotoday

ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවා වී නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරනවා

colombotoday

ඡන්දයක් පැවැත්වූවොත් පරාජයට පත්වන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියයි.

colombotoday

යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍යට එන්න බැතිමතුන්ට අවසර නැහැ

colombotoday

පාසල් ළමුන් සමඟ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Admin

ලංකාවට IMF සල්ලි ගන්න තවත් වැඩ ටිකක් කරන්න තිබෙනවා – සාගල රත්නායක

Admin