Colombo Today Local News

එකම විෂයේ බෙදුණු අමාත්‍යාංශ එක් කරන්න තීරණයක්

එකම විෂය පථයකට අයත් දැනට බෙදී වෙන්ව පවතින අමාත්‍යාංශ ඒකාබද්ධ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ආයතනවල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම, නාස්තිය අවම කිරීම, ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සහ රජයට ලාබ ලැබෙන පරිදි ආයතන සකස් කිරීම යන අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයට වැවිලි කර්මාන්ත ඒකාබද්ධ කරන කළේ ඉහත අරමුණු ඉටුකර ගැනීම සඳහා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය අමාත්‍ය ධුරයේ අද (24)දින වැඩ බාර ගනිමින් මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉදිරි මාස දෙක ඇතුලත රජයට අයත් පොහොර සමාගම් දෙක එක සමාගමක් බවටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ‍එකම ආයතනයක් බවටත් ඒකාබද්ධ කිරීමට නියමිත බව අමාත්‍යවරයා කීය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ ජනාධිපතිගේ මීළඟ ඉලක්කය වන හරිත ආර්ථිකයක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා බව කී කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පරිසර අමාත්‍යවරයා ලෙස ඉදිරියේදී රඹුක්වැල්ල මහතාට විශාල කාර්යභාරයක් පැවරෙන බව ද සඳහන් කළේය.

Related posts

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙක් සිය ගිනි අවියෙන් දිවිනසාගනී

colombotoday

අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

ආණ්ඩුව කරන්නේ වෙන කට්ටියක්.. බලාපොරොත්තු කඩ වීම නිසා ඇමති හරීන් දුකෙන් !

colombotoday

යහපාලන TOP 10 කම්බා හොරු එළිදකි

colombotoday