Colombo Today Local News

අම්බලන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු මාට්ටු

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව කඩා මුදල් සොරකම් කිරිමෙ සිද්ධිය සම්බන්දයෙන් අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට මල්පෙත්තාව පදිංචි අඹු සැමි යුවළක් බව අම්බලන්තොට පොලීසිය කියයි.

අම්බලන්තොට ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව සේප්පුවේ අදාළ යතුරු දෙකෙන්ම විවෘත කර රුපියල් 19ලක්ෂ 12148.50ක් පසුගිය මස 26 දින සොරකම් කර ඇති බවට අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර තිබුණු. ඒ සම්බන්දයෙන් සිදුකල විමර්ශන වලින් පසුව මෙම අඹුසැමි යුවළ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අත් අඩංගුවට ගත් අඹුසැමි යුවළ සමඟ ඇසුරු කල වලස්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙම සොරකම් කිරීම සිදු කර ඇති බවද සොරකම් කර ඇති මුදල් වලින් කොටසක් මෙම අයට ලබාදුන් බවත්, ඒවාද වරින් වර එම පුද්ගලයාගේ සැකකාර ප්‍රධාන පුද්ගලයාගේ ගිණුම් වලට බැංකු ගත කල බව සැකකාර යුවළ පොලිසියට පවසා ඇත.

Related posts

කලාපයේ රටවල් අඩු පොලියට ණය ගද්දි ලංකාව ගිනි පොලියට ණය අරගෙන. ඇමති රවී පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

IOC පෙට්‍රල් ​​රු. 35කින් ඩීසල් රු.75කින් ඉහළට

colombotoday

ජනපති කතානායක අද (29) හමුවී කතා කල දේ

colombotoday

ඉන්දියාවෙන් රැගෙන ආ ලක්ෂ 600ක කහ තොගයක් බේරුවල වරායේදී ආරක්ෂක අංශ භාරයට

colombotoday

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද ඇරඹේ

colombotoday

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday