Colombo Today Local News

කෝටි දෙලක්ෂයක රන් එක්ක කතක් කටුනායකින් පනිද්දී මාට්ටු

රුපියල් එක් කෝටි දෙලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා, පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මෙම කාන්තාව නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නියක් බව පැවසේ.

ඇය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අලුයම 03.00 ට පැමිණ, එහි සියලුම පරීක්ෂණ නිමා කර ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක ග්‍රෑම් 587 යි මිලි ග්‍රෑම් 316 ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබී ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ ව්‍යාපාරික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.

Related posts

හිටපු එල්ටීටීඊ සාමාජිකාවක්, ව්‍යාජ ලේඛණ සකසා රට යැවූ කොස්තාපල් අත්ඩංගුවට

Admin

මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා තරුණයෙකු අත්අඩංගුවට

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

ඔක්තෝබර් 30 ETCA අත්සන් කිරීමට සියල්ල සූදානම් !

colombotoday

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2366ක් දක්වා ඉහළට

colombotoday

කැසිනෝ මුදලාලිගෙන් ප්‍රධාන පුරවැසියෙක්ට මිලියන 122 ක්

colombotoday