World

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය සොයා ගනියි

භූ විද්‍යාඥයින් විසින් දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය ලෙස මහාද්වීපයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 375කට පමණ පසුව විද්‍යාඥයින්ට මෙම මහාද්වීපය සොයා ගැනීමට හැකිවී තිබේ.

භූ විද්‍යාඥයින් සහ භූ කම්පන විද්‍යාඥයින්ගේ කුඩා කණ්ඩායම සීලන්තයේ නොහොත් Zealandia හෝ Te Riu-a-Maui හි අලුතින් සිතියමක් නිර්මාණය කර ඇති බව Phys.org වාර්තා කරයි.

පර්යේෂකයන් එය සොයාගෙන ඇත්තේ සාගර පත්ලෙන් ගොඩගත් පාෂාණ සාම්පලවලින් ලබාගත් දත්ත භාවිතා කරමින්ය.

නව මහාද්වීපය නවසීලන්තයට සමාන වන අතර දූපත් අතලොස්සක් සමගින් භූමියෙන් සියයට 94ක් දිය යට පවතී.

එම පර්යේෂණයේ සම්පුර්ණ විස්තරයක් Tectonics සඟරාවෙහි පළ කර ඇති බවද සඳහන්.

Zealandia මහාද්වීපය හමුවීමෙන් අනතුරුව නියත වශයෙන්ම ලෝකයේ මහාද්වීප 8ක් ඇති බව විද්‍යාඥයින් කණ්ඩායම විසින් දන්වා තිබේ.

Related posts

නවසීලන්තයෙන් තවත් කොවිඩ් රැල්ලක් මතුවේ !

colombotoday

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday

ස්වාසිලන්ත අගමැති මියයයි

colombotoday

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday

ආසියාවේ මත්ද්‍රව්‍ය රජා ට්සේ චී ලොප් නෙදර්ලන්තයේදී අල්ලයි

colombotoday

ශෙයික් හසීනා පස්වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට

Admin