Colombo Today Local News

ධනුෂ්ක ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අද (18)දින සිඩ්නි හි අධිකරණයේදී කැඳවීය.

2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කව සිඩ්නි හි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණේ එරට කාන්තාවක් සිදුකළ පැමිණිල්ලකට අනුවය.

එහිදී ඔහුට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනා 4ක් එල්ලකළ අතර පසුව ඉන් චෝදනා තුනක් ඉවත්කර ගැනුණි.

ඔහුට එල්ලකර ඇති චෝදනාව වන්නේ අදාළ තරුණියගේ “කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීම” යන චෝදනාවයි.

අද අධිකරණයේදී එම තරුණියගේ පාර්ශ්වය කරුණු දක්වා තිබූ අතර එහිදී ඇය සඳහන් කර තිබුණේ තමාට “ජීවිත බියක්” දැනුණු බවයි.

නමුත් ධනුෂ්ක ගේ නීතිඥවරයා චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

Related posts

ශ්‍රීපාදස්ථානය පාමුළ ගල්තලාවක මතු වූ දකුණු පා සටහන මෙන්න

colombotoday

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Admin

ජනපතිගේ තීන්දුව ගැන ගැන අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

හාල් කිලෝව 100යි – වී කිලෝව 30 යි

colombotoday

සජිත් පවත්වන්න ගිය උත්සවයක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගිය බඩුත් ඔතන් පිටවෙයි

colombotoday

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

Admin