Colombo Today Local News

සීනිගම පෙරහැරට 04 වනදා තෙක් විශේෂ රථවාහන සැලැස්මක්

සීනිගම දේවාලයේ වාර්ෂික මහා පෙරහර හේතුවෙන් අද (01) සිට ලබන 04 වනදා දක්වා එම ප්‍රදේශය ආශ්‍රිත ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන තදබදයක් ඇති නොවන අයුරින් අවස්ථානුකුලව පෙරහැර ගමන් ගන්නා මාර්ගය ඔස්සේම යොමුකිරීමට නියමිතය.

කෙසේවෙතත් කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථවාහන මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් හරවා මිටීයාගොඩ, කිරළගහවෙල හන්දියෙන් වමට හරවා අලුත්වල, සරණ හන්දිය, ගෝනපීනුවල හතරමංහන්දිය හරහා කුමාරකන්ද හන්දිය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

අක්කර 1000ක් සමග අලිමංකඩ ලුණු ලේවාය පුද්ගලික අංශයට…. 20%ක් බදියුදීන්ට….

colombotoday

ගිනිතැබූ හෝටලය පැය 12න් නැවත හදාදෙයි.. ආණමඩුවේ මිනිසුන් එක්වී ජාතිවාදී ගින්නක් නිවා දමයි

colombotoday

යුද හමුදාවට අමතරව ශ්‍රී ලංකා පොලීසියත් ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍ය අත තියයි

colombotoday

විශ්වවිද්‍යාල සිසු පා ගමනට එරෙහිව පොලිසිය ඉල්ලූ තහනම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

colombotoday

පානම මුහුදේ භූමිකම්පාවක් | මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවූ ප්‍රබලම භූමිකම්පාව

colombotoday

දකුණු පියයුරේ ගැටිත්ත ඉවත් කරන්න වම් පියයුරේ ශල්‍ය කර්මයක් කරලා

colombotoday