Colombo Today Local News

මහජන ආරක්ෂක ඇමතිටත් එරෙහිව විශ්වාසභංගයක් ?

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය භාර අමාත්‍යවරයාට හැකියාවක් නොමැති නම් ඔහු තනතුරෙහි රැඳීසිටීමෙන් ඵලක් නොවන බවය.

නිශ්චිත කාල සීමාවක් තුළ රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර නොගතහොත් ටිරාන් අලස් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා කියයි.

“රටේ මනුස්සයෙකුට පාරට බැහැලා යන්න බයයි, කොයි වෙලේ, කොයි මොහොතේ කොයි තැන මැරෙන්න වෙයි ද දන්නේ නැති නිසා. ටිරාන් අලස්ට පැහැලිව කියනවා මාසයක් යන්න කලින් ඔබතුමාගේ නායකත්වය පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න පුළුවන් විශ්වාසනීය තැනකට රට ගේන්න ඕනේ. එහෙම බැරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ. ඉල්ලා අස්වුණේ නැත්නම් අපි මේ වෙනකොටත් පසුවෙල මන්ත්‍රීවරු, පක්ෂ විපක්ෂ සියලුදෙනා සාකච්ඡා කරගෙන යනවා අනිවාර්යයෙන්ම විශ්වාසභංගයක් ගෙනල්ලා තනතුරෙන් අයින් කරනවා.”

Related posts

රාජාංගනයේ සංචරණ සීමාවන් සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

මහින්දානන්ද මරා දැමීමට රංජන්-රනිල් කල කුමන්ත්‍රණයක හඩ පට එළියට… උපදෙස් පොලිස්පතිගෙන් !

colombotoday

විජයග්‍රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් උසස් වීම්

colombotoday

IDH රෝහලෙත් සා.පෙළ විභාග මධ්‍යස්ථානයක්

Admin

කොළඹ නගරයේ ගුවන් පාලම් සහ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ අවධානමක්

colombotoday

ශ්‍රීලනිප පාක්ෂිකයෝ ඉන්නේ මෛත්‍රී මරාගෙන කන්න බලාගෙන.. අදටත් ශ්‍රීලනිප බහුතරය මහින්දටයි

colombotoday