Colombo Today Local News

IDH රෝහලෙත් සා.පෙළ විභාග මධ්‍යස්ථානයක්

ජාතික බෝවන රෝග විද්‍යාතනය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින ඩෙංගු වැළඳුණ දරුවන් 18දෙනෙක් එම මධ්‍යස්ථානයේ දී විභාගයට මුහුණදෙන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා පවසයි.

IDH රෝහල තුළ මේ වනවිට ඩෙංගු රෝගීන් 96 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා සඳහන් කරයි.

“සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දරුවන් වෙනුවෙන් ජාතික බෝවන රෝග විද්‍යාතනය තුළ විභාග මධ්‍යස්ථානයක් සුදානම් කර තියෙනවා. ඒ අනුව අද දින ආරම්භ වූ විභාගයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි රෝගී දරුවන් 18 දෙනෙක් විභාගයට පෙනී සිටිනවා ජාතික බෝවන රෝග විද්‍යාතනයේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානය තුළ. අපි එම දරුවන් වෙනුවෙන් අවශ්‍ය සියලුම රෝගී සත්කාරක සේවාවන් සපයනවා. විශේෂයෙන්ම උදෑසන රෝගීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමා අපි ඒ සියලුදෙනාම විභාගය සඳහා යොමු කළේ. ඒ එක්කම විභාගය පැවැත්වෙන අතරතුරත් ඔවුන්ව නිසි පරිදි අවශ්‍ය ප්‍රතිකර සඳහා යොමු කිරීමට වෛද්‍ය හා අනෙකුත් කාර්ය මණ්ඩල සුදානමින් ඉන්නවා.”

Related posts

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති යටතේ !

colombotoday

විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් ගෙන ඒම ලබන සත‍ියේ සිට

colombotoday

බන්ධනාගාර බස් රථයට පාර්සලයක් විසිකළ පුද්ගලයා ලුහුබැඳ ගොස් අල්ලයි

colombotoday

IMF දෙවැනි වාරිකය ලැබීම ආයෝජකයන්ට ධනාත්මක පණිවිඩයක් – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

“ජාතික හෙළ උරුමය භික්ෂූන් දේශපාලනයට ගෙන එමින් භික්ෂූ ගෞරවය නැති කළා” – බෙංගමුවේ නාලක හිමි

colombotoday

තිලිණි ප්‍රියමාලි යළි ඇතුළට : ජානකීට ඇප

Admin