ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිංගප්පූරුවේදී එරට ජනාධිපති හලිමා යාකොබ් මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.
ජනාධිපති වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (21)දින සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර එරට අගමැති ලී සියෙන් ලූන්ග් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය ත්‍රාන්තිකයින් හමුවීමට නියමිත බවද වාර්තා වේ.
එමෙන්ම පැරිස් සම්මුතිය යටතේ ඇති කාබන් හර කිරීම පිළිබඳ ගිවිසුමද අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.