Colombo Today Local News

‘සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි’ – අලි සබ්‍රි කියයි

ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යෑමට අවස්ථාව හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතු බවත් රජයේ වගකීම වන්නේ ඒ සඳහා පහසුකම් සැපයීම පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා පනත ස්ථාපිත කිරීමෙන් පසු කොමිසමට සම්පූර්ණයෙන් බලය පැවරෙන බවද සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව කීවේ සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

කොමිසමේ කටයුතු සාර්ථක කර ගැනීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් දේශන මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මේ වන විටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අන්තර්කාලීන ලේකම් කාර්යාලය මගින් කොමිසමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ පදනම සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

ජාත්‍යන්තරව පිළිගත් වගවීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව සහ එය ස්ථාපිත කිරීමේ රජයේ කැපවීම එහිදී පැහැදිලි කළ අමාත්‍යවරයා සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ විශ්වාසය ගොඩ නැඟීමට අවශ්‍ය සියලු දේ සිදු කරන බව ද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධයෙන් ජාති බේදයකින් තොරව සියලු ජනතාවට විශාල පීඩනයකට මුහුණදිමට සිදු වු බවයි.

Related posts

වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

colombotoday

කෝටියක හෙරොයින් තොගයක් සමග 4ක් STF අත්අඩංගුවට

colombotoday

පුවත්පත් කලාවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය දිවි සැරිය නිමා කරයි

Admin

“අයිතීන් වෙනුවෙන්” අන්තරේ හෙට කොළඹට

colombotoday

ආර්යාවගෙන් සුභපැතුම්

colombotoday

ආරක්ෂාව තහවුරු නෑ.. සිංහල සිසුන් කිසිවෙකුත් නැවත නොයයි.. යාපනය සරසවියට හමුදා ආරක්ෂාව ඕනෑ

colombotoday