Colombo Today Local News

මාවුස්සා කැලේ ජලාශයට යාබද ඉඩම් කොටසක් හා ජලාශයේ කුඩා දිවයිනක් අරාබියට දෙන්න යයි

සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩමක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක් යෙදවීමෙන් හෝටල් සංකීර්ණයක් ඉදිකර ඉදිකර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින මාවුස්සා කැලේ ජලාශයට යාබද ව පිහිටි ඉඩම් කොටසක් හා ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම මත ලබා ගැනීම පිණිස ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, අදාළ ආයතන වල එකඟතාවය ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකී සමාගම වෙත එම ඉඩම් කොටස් දිගු කාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

සජිත් නාවොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

colombotoday

අද වාර්තා වූ කොරෝනා රෝගියා ඉන්දුනීසියාවේ ගොස් පැමිණි බේරුවල පුද්ගලයකුගේ බිරිඳක්.

colombotoday

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් කර, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව එකග වුණා – TNA

colombotoday

ලයිසන් නැති අය පැද්දොත් රටට වෙන්නේ කොතලාවල බස් එකට වුන දේ

Admin

වසර 35ක් විජේවීරගේ පවුලට රජය දරපු වියදම හෙළිකරනු

Admin

විමල්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday