Colombo Today Local News

දිවයින පුරා පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් ගැසට් කෙරේ…

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දුෂණයට ලක්ව ඇති දිවයින පුරා පිහිටි ජල මූලාශ්‍ර සහ ජල පෝෂක පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් ගැසට් කිරීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි සභාපති සුපුන් පතිරගේ මහතා සාදහන් කරන්නේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වතු ඉඩම් කැබලි 362ක් පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.

වැඩුදුරටත් අදහස් දැක්වූ සුපුන් පතිරගේ මහතා,

“ජූනි මාසයට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන තිබෙන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දුෂණයට ලක්වෙලා තියෙන ජල මුලාශ්‍ර හා ජල පෝෂක ප්‍රදේශ රැකගැනීම උදෙසා මේ වසරේ දී පුළුවන්කම ලැබෙනවා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ගැසට් කරන්න. අපි මේ වනවිට ලංකාව පුරා පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් ගැසට් කරලා තියෙනවා. මේකෙන් 6ක්ම ජල පෝෂක ප්‍රදේශ. ඒවා රැක ගැනීම සඳහා කරතිබෙන්නේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වතු ඉඩම්වල පිහිටි ජල මුලාශ්‍ර රක්ෂිත ඉඩම් කැබලි 362ක් ජාතික පරිසර පනත යටතේ හාලිඇළ ජල මුලාශ්‍ර රක්ෂිත පාරිසරික ආරක්ෂණ පනත ප්‍රදේශය ලෙස නම් කර ගැසට් පත්‍රයක් නිකුත් කළා.”

Related posts

ජනපති රටපුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Admin

මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදකලා කෙරේ.

colombotoday

පක්ෂ නායකත්වය ගැන විවේචන තිබෙනවා.. කියන්න තියන දේ අගමැතිට කිව්වා – හර්ෂ ද සිල්වා

colombotoday

SB හා ඩිලාන් පොහොට්ටුවට

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

Admin

ශ්‍රී ලංකාවේ කාබනික වගාව දියුණුවට යුරෝපා සංගමයේ සහය

colombotoday