වැලිවේරිය පොලිස් වසමේ සිවුරළුමුල්ල, නැඳුන්ගමුව ප්රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.
වැලිවේරිය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරයි.
එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි අයෙකි.
මහෙස්ත්රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇත.