අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(13)දින පැය 20ක ජල කප්පාදුවක් සිදු කෙරෙයි.
ඒ අනුව ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
හෙට උදෑසන 10ට ආරම්භවන ජල කප්පාදුව අවසන් වන්නේ අනිද්දා උදෑසන 06ටයි.