Colombo Today Local News

බොරලැස්ගමුවේ දේවාලයක කපුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

බොරලැස්ගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක දේවාලයක කපුවෙකු හෙරොයින් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 150ක් තිබී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ පොලීසිය සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන යතුරුපැදියකින් ගමන්කරමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කපුවා අදාළ විහාරස්ථානයේ සේවයේ නිරතව සිටියදී විටින් විට ගොස් මෙලෙස හෙරොයින් රැගෙනවිත් විහාරස්ථානය තුළදී ඒවා භාවිත කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පොලීසිය වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකාර කපුවා තදින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවයි.

සැකකරු හෙට (01)දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරලැස්ගමුව පොලීසිය විසින් සිදුකරයි.

Related posts

ලන්ඩන් මහ කොමසාරිස් ධුරයට රෝහිත බෝගොල්ලාගම පත් කෙරේ..

Admin

දුම්රියේ පඩි වැඩි කළොත් සෞඛ්‍යත් වර්ජණයේ

colombotoday

මාස දෙකකදී ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුල් වෙලා !!

colombotoday

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද උද්ඝෝෂණයේ

colombotoday

සහරාන්ගේ පුහුණු කඳවුරක් මූතුර්වල

colombotoday

“කාඩ්බෝඩ් දුටුගැමුණුලා එලවනවා.. පෝට් සිටියෙන් රටම ගොඩ ගන්නවා” – අගමැති

colombotoday