Colombo Today Local News

අන්තර්ජාලය හරහා හරක් කටාගේ මුදල් මෙහෙයවූ පරිගණක ඉංජිනේරුවා කොටුවෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු අන්තර්ජාලය හරහා මෙහෙය වූ පරිගණක ඉංජිනේරුවෙකු අද (31)දින අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල රණාල බටේවෙල ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.

මොහු පරිගණක විද්‍යාව පිළිබඳව ඉංජිනේරුවරයකු වන අතර හංවැල්ල රනාල ප්‍රදේශයේ කොමිනිකේෂන් ආයතනයක් පවත්වාගෙන යමින් හරක් කටා නැමැත්තාගේ මුදල් ජාවාරමට සම්බන්ධ වී කටයුතු කර ඇතැයි පැවසේ.

මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා ව්‍යාජ චෙක්පත් දී රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ.

ඒ අනුව කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයෙකු රවටා ව්‍යාජ චෙක් පතක් දී රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතා ට ලද තොරතුරකට අනුව සැකකරු නවගමුව රනාල ප්‍රදේශයේ කොමිනිකේෂන් ආයතනයක් තුළ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ ජංගම දුරකථනය හා බැංකු කාඩ් පත පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු අන්තර්ජාලය හරහා මෙහෙය වූ පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වූ බවත් ඒ වෙනුවෙන් මොහුට අධික වැටුපක් ගෙවා ඇති බවත් තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.

Related posts

සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට

colombotoday

සිරකරුවන් 557කට ජනපතිගෙන් නත්තල් තෑගි

colombotoday

සජිත්ගේ සහයට LTTE ඩයස්පෝරාවේ කණ්ඩායමක් දිවයිනට !

colombotoday

දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන කාඩ්පත ලබාගත හැකි ක්‍රමය

colombotoday

කන්‍යා සොයුරි, වෙස් ගන්වා කතුන් රට පටවන ජාවාරමක් කොටු.. ගැලවීමේ හමුදාවටත් ගැලවෙන්න බැරිවෙයි

colombotoday

හරියට රට කළා නම් අද දියපට්ටා එනකං ඇවිදින්න ඕන නෑ.. මම නම් ආණ්ඩුවක් ඉල්ලා පයින් යන්නේ නෑ

colombotoday