ජපානයේ හිටපු අග්රාමාත්ය යසු ඕ ෆුකුඩා හා ජපාන – ශ්රී ලංකා සංගමය එක්ව අද (25) පෙරවරුවේ ටෝකියෝ නුවර දී පැවැත් වූ උදෑසන හමුවකට ජනාධිපති රනිල් වික්රමසිංහ එක්ව තිබේ.
මේ අතර ජනාධිපතිවරයා ජපාන හිටපු අග්රාමාත්ය යෝශිහිඩේ සුගා මහතාව ද මීට සුළු වේලාවකට පෙර හමුවී ඇත.
මෙරට ආර්ථිකය ප්රකෘතිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා කරුණු දක්වා ඇති අතර, ජපානයේ ආයෝජන යළි මෙරටට රැගෙන එන ලෙස ද ආරාධනා කර තිබේ.