ඩුබායි සිට මෙරටට පැමිණි මගියෙකුගේ ගමන් මලු තුළ සඟවා තිබිය දී රත්තරන් කිලෝග්‍රෑම් 2ක් සොයා ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂාවකදීයි මෙම රත්තරන් සොයා ගෙන ඇත.
එම රත්තරන් කම්බි ආකාරයෙන් සකස් කර ගමන් මලු තුළ සඟවා මෙරටට ගෙනැවිත් තිබේ.
එම රත්තරන්වල වටිනාකම රුපියල් මිලියන 43ක් වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා 35 හැවිරිදි වියේ පසුවන බව සඳහන්.