Colombo Today Local News

සුවසැරියේ රියදුරුට සහ හෙදියට පහරදුන් බේබද්දන්ට වැඩ වරදී

රෝගියකු රෝහල්ගත කිරීමට ගිය සුවසැරිය ගිලන්රථයක රියැදුරකුට හා එහි හෙද නිළධාරිනියකට මහරගම වත්තේගෙදර ප්‍රදේශයේදී සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අද(19)දින අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම වත්තේගෙදර හා පිළියන්දල පදිංචි 26 හැවිරිදි දෙදෙනකු බව පොලීසිය කියයි.

අසනීප තත්ත්වයන් පසුවන පුද්ගලයෙකු රෝහල් ගත කිරීම සඳහා පැමිණෙන ලෙසට 1990 සුවසැරිය ගිලන්රථ මධ්‍යස්ථානයට ඇමතුමක් ලැබී තිබූ අතර ඒ අනුව මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත සුව සැරිය ගිලන් රථයක් මහරගම වත්තේගෙදර විලියම් අල්විස් මාවත ප්‍රදේශයට එදින අලුයම 01 පමණ ගොස් තිබේ.

එම අවස්ථාවේදී බීමතින් සිටි පුද්ගලයින් පිරිසක් රෝහල්ගත කරන ලෙසට එහි සිටි පුද්ගලයින් පැවසීමත් සමඟ ගිලන් රථයේ හෙද නිධාරිනිය ඊට විරෝධය පළකර ඇති අතර එ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදු වී පසුව සුවසැරිය ගිලන් රථයේ රියැදුරාට සහ එහි හෙද නිළධාරිනියට පහර දී තිබේ.

පසුව පහරකෑමට ලක් වූ දෙදෙනා 1990 සුව සැරිය ගිලන් රථ මධ්‍යස්ථානය දැනුවත් කොට ඇති අතර එහි නිලධාරීන් වෙනත් ගිලන් රථයක් එම ස්ථානයට ගෙන්වා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

ඔවුන්ගේ තත්වය සාමාන්‍ය බව පොලිසිය කියයි.

Related posts

උස්වැටකෙයියාවේ දී අස්වර් අත්අඩංගුවට

colombotoday

අගරදගුරුතුමාගේ “යූ ටර්න්“ එකට දිවැසිවරු මවිත වෙයි…

colombotoday

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අසූර් ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයෙන් අන්තවාදය කියා දෙයි.

colombotoday

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ගැටෙයි.. නියාමකයෙක් රෝහලේ

colombotoday

ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි

colombotoday