Colombo Today Local News

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසෙයි

දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, එළඹෙන ජුනි මස 13 වනදා සිට දින 100ක කාලයක් සඳහා බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බවය.

මේ අතර අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ නියමිත ප්‍රධාන අලුත්වැඩියා නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන මෙම කාලසීමාවේදී අනෙකුත් තාප විදුලිබලාගාර සමඟ කළමනාකරණය කරගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

Related posts

ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතුයි – ගම්මන්පිල

colombotoday

උලමා සභාවේ ලොක්කා රිස්වි මුෆ්තිට මුස්ලිම් ජනතා විරෝධය

colombotoday

රිෂාද් බදුයුදීන් ද අත්අඩංගුවට ගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න – ඥානසාර හිමියෝ කියති

colombotoday

බැදුම්කර බෑණා සමග ගනුදෙනු කළ කෝප් කමිටු සාමාජිකයන් හෙළිවෙයි !

colombotoday

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday

ඇදිරිනීතිය අස්සේ බස්නාහිරින් පැන්න අය සොයා පොලිස් මෙහෙයුම් ඇරඹෙයි…

colombotoday