Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ නඩුව අද සිංගප්පූරු අධිකරණයකදී කැඳවයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩුව අද(15)දින යළි කැඳවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, එරට නිතීඥ සංගමයක් නඩුවට පෙනී සිටීමට නියමිතයි.

අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 9 වැනිදා පළමු වරට කැඳවනු ලැබුවේ ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, නීතිපති දෙපාර්තමේන්තුව, සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩු පැවරුවේ, පසුගිය 26 වැනිදා ය.

සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ 2021 වසරේ මැයි 20 වැනිදා ඇති වු ගින්නෙන් මෙරට සාගර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය.

මේ අතර, මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීම‍ට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරිමට පියවර ගෙන ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතිඥ අසේල රැකව මහතා ඊයේ සඳහන් කළේ, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බවයි.

Related posts

කුරුණෑගලින් තවත් කොරෝනා ආසාදිතයින් 2ක්. යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

තනි තනිව සටන් කර අයිතිවාසිකම් දිනා ගන්න බෑ- අගමැති

colombotoday

70 වන නිදහස් සමරුවේදී අමුතු නැටුමක් නටන්න යයි..

colombotoday

විමල් වරදක් නිවැරදි කරයි… නාම පුවරුවේ සිංහල මුල් තැනට !

colombotoday

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday

තවත් ඔටෝ ඩීසල් නැවක් දිවයිනට… තොග ගොඩබෑම අද සිට

colombotoday