කැළණියට විශ්වවිද්‍යාලයට තම හිතවත් කථිකාචාර්යවරයෙකු බදවා ගැනීම සදහා නිර්දේශකරමින් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල ලිපියක් යැවීම වරදක් නොවන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි. ඇමතිවරුන් විසින් ලිපි යැවීම සමාන්‍ය දෙයක් බවද වරද කර ඇත්තේ ලිපිය භාරගත් පුද්ගලයා බවද පෙන්වා දෙන මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ එම පුද්ගලයා විශ්වවිද්‍යාලය පැත්ත පළාතේ වද්දා නොගත යුතු මිනිහෙක් බවයි.